මීගහවත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිට රු 134,000 ක අල්ලස් මුදලක් දුන් තැනැත්තෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද දින අත්අඩංගුවට ගන්න ලදී.
හෙරෝයින් 1062 mg ළඟ තබාගත් තැනැත්තියක් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇයහට ඇප ලබා ගැනීමට හැකිවන අන්දමින් කටයුතු කරන ලෙස ඉල්ලා ඇය ගේ ඥාතිවරයෙක් විසින් මෙම අල්ලස් මුදල , අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරියේ දී ලබා දීමේ දී අත්අඩංගුවට ගෙන ඇත.
සවස් යාමයේ ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරි පත් කිරීමට නියමිතයි.