අල්ලස් ගත් වන අඩවි නිලධාරී වසර 4 කට සිපිරි ගෙයට

ගැමියෙකුගේ දැව ප්‍රවාහනය සඳහා අවශ්‍ය බලපත්‍රයට අවශ්‍ය නිර්දේශ ලබා දීම උදෙසා රු.2500 ක් මෙම වන නිලධාරියා ඉල්ලා ඇත. පසුව රු.500 ක මුදලක් ලබා ගැනීමෙන් අනතුරුව එම ගැමියා අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇත.

ඉන් අනතුරුව වෙස් වලාගත් අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපිට දී රු.2000 ක මුදලක් විත්තිකරු ලබා ගැනීමේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් වසර 10ක් තිස්සේ විභාග වූ නඩුව පසුව කොළඹ මහාධිකරණ විනිසුරු  ගිහාන් කුලතුංග මහතා විසින් විත්තිකරු වරදකරු කරන ලදී.

එක් චෝදනාවකට වසර 4 බැගින් චෝදනා 6කට වසර 24ක සිර දඩුවමක් නියම කොට ඇත. නමුත් එම සිර දඩුවම වසර 4කින් ගෙවීයන ලෙසට විනිසුරු තුමා සහනයක් ලබා දී ඇත.

අල්ලස් කොමිසමේ ස.අ.(නීති) ප්‍රියා ජයලත් මෙනෙවිය පැමිණිල්ල මෙහෙයවන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search