රු 100ක් අල්ලස් ලෙස ලබාගත් පුද්ගලික බස්රථ වේලා සටහන්කරුවකු අත්අඩංගුවට

2018.01.17 දින අක්කරපත්තුව - මඩකලපුව මාර්ගයේ ධාවනය කරන පුද්ගලික බස්රථයකින් එක් ගමන් වාරයක් සඳහා කල්මුණේ බස් නැවතුම්පලේදී වෙලාව සටහන් කර නියමිත වාරය පැමිණෙන තෙක් බස් රථය නතර කර තබා ගැනීමට හා මෙම බස් රථය ඉදිරියෙන් ධාවනය වන බස් රථ වලින් හිරිහැරයක් නොවන පරිදි ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීම වෙනුවෙන් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අනුයුක්ත වේලා සටහන් කරුවකු රු100ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එදිනම ඔහු අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search