සිය ගරාජයේ සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් නීතිමය කටයුතු නොකර සිටීමට රු.150,000/- ක අල්ලසක් ඉල්ලා ලබාගත් මාතලේ දිස්ත්රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙකුට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මහාධිකරණයේ නඩු පවරා තිබුණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන ලද වැටලීමකින් මෙම චූදිතයා අත්අඩංගුවට ගන්නා ලදී.




අල්ලස හා දූෂණය තුරන් කිරීම පිළිබඳ සංයුක්ත පණත් කෙටුම්පත සම්බන්ධයෙන් SOCLAM විසින් රාජ්ය අංශයේ පාර්ශවකරුවන්ගෙන් කරනු ලබන උපදෙස් විමසීම - 2019 ජූනි 25 දින හොටෙල් අමාරි, ගාල්ල
2019.06.28 දින අනුරාධපුර උතුරු මැද පළාත් සභා ශ්රවනාගාරයේදී රාජ්ය නිලධාරීන් සදහා දූෂණය පිටුදැකීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩමුළුව මෙම කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ ප්රධානත්වයෙන් පවත්වන ලදී.


