මාදිවෙල ප්‍රදේශයේ පිහිටි නිවසක්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයට කුලියට ගැනීම වෙනුවෙන් එකී නිවස සඳහා බදු අත්තිකාරම් මුදල් ලෙස රු.1,980,000/- (රුපියල් දහනව ලක්ෂ අසූ දහස) ක් හෝ ඊට ආසන්න මුදලක් එකී නිවෙස් හිමිකරුට නීති විරෝධී ලෙස මුදා හැරීමට ඉහත නම සඳහන් චූදිත, ස්වකීය ධුරය සෘජුව හෝ අන්‍යාකාරයෙන් හෝ භාවිතා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන්ව පෙළඹවීමෙන් 2018 අංක 22 හා 1994 අංක 20 දරන පනතින් සංශෝධිත 1954 අංක 11 දරන අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දූෂණය නැමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයට හිටපු සභාපතිවරයෙකු වූ සරණ ගුණවර්ධන යන අයට එරෙහිව වර්ෂ 2022 දී අල්ලස් කොමිෂන් සභාව විසින් නඩු පවරන ලදී.