හිටපු මහබැංකු අධිපති ඇතුලු පස්දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය අධිචෝදනා පත්‍ර ගොනුකරයි

2012 වසර වන විට ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී තිබියදී, ඒ බව දැනදැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රු. 1,843,267,595/- ක පාඩුවක් සිදුකරමින් දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලකට අදාළ විමර්ශන කටයුතු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරන ලදී.

අදාළ විමර්ශන කටයුතු වලින් අනතුරුව චූදිතයන්ට විරුද්ධව නඩු අංක එච්සීබී 303/2024 යටතේ 2024.08.21 වන දින කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන ලදී.
මෙහි චූදිතයින් පහත පරිදි වේ.

  1. නිවාඩ් අජිත් ලෙස්ලි කබ්රාල්, හිටපු මහබැංකු අධිපති
  2. කන්කානම් ගමගේ දොන් ධර්මසේන ධීරසිංහ
  3. බෙන්ඩරගේ දොන් වසන්ත ආනන්ද සිල්වා
  4. චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන
  5. හරංකහ ආරච්චිලාගේ කරුණාරත්න

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search