ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් දූෂණ විරෝධී පනතේ 89 වගන්තිය ප්‍රකාරව තම නාමයෝජනා පත්‍ර සමඟ ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ද මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දීමෙන් අනතුරුව, අදාළ ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර ගැනීමට කටයුතු කරනු ලැබ ඇත.
ඒ අනුව, අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශවල සංස්කරණය කරන ලද පිටපත් (දූෂණ විරෝධී පනතේ 88 (1) උපවගන්තියට අනුව, අදාළ ප්‍රකාශවල හෙළි නොකළ යුතු බවට දක්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු සහිතව) කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය මගින් මේ වන විට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ලැබ ඇති බව කොමිෂන් සභාව දන්වා සිටියි.