පින්නවල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරුට අයත් බස් රථයට බලංගොඩ මාර්ගයේ ධාවනය කිරීමට ලබා දී ඇති එක් වේලාවක් සංශෝධනය කර දීමට අවශ්‍ය නිර්දේශය ලබා දීම වෙනුවෙන් රු. 60,000/- ක අල්ලස් මුදලක් තුටුපඬුරක් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකු 2024.08.22 වන දින පෙ. ව. 10.10 ට පමණ බලංගොඩ බස් නැවතුම්පොල කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.