ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන “දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029” සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර, එහි තවත් සුවිශේෂි අදියරක් වන ජාතික මට්ටමේ අදහස් හා යෝජනා ලබාගැනීමේ වැඩමුළුමාලාව ද මේ වන විට ආරම්භ කර ඇත.
අනුව, එහි පළමු වැඩසටහන පෞද්ගලික අංශයේ සේවයේ නියුක්ත වූවන් කේන්ද්‍ර කරගනිමින් 2024.08.23 වන දින බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පවත්වන ලදි. එහි දෙවන වැඩසටහන තරුණ ප්‍රජාව මූලික කරගනිමින් 2024.08.23 වන දින මොරටුව, රන්මල් හෝටලයේ දී පැවැත්වුණි.