රත්නපුර, පැලැල්ලේගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියෙකුට වසර දෙකක අත්හිට වූ සිර දඬුවම් හා දඩ නියම කිරීම

විදේශගත වීමකට අදාළව පදිංචි සහතිකයක් නිකුත් කරවා ගැනීම සඳහා රු.15,000/-ක මුදලක් අල්ලස් වශයෙන් අයැද, වැටලීමේ දී රු.10000/-ක අල්ලස් මුදලක් භාරගැනීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රත්නපුර, පැලැල්ලේගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහුට එරෙහිව අධිචෝදනා ගරු මහාධිකරණයේ ගොනු කරන ලදි.

චූදිත 2024.07.06 වන දින වරද පිළිගනු ලැබූ අතර, ගරු මහාධිකරණ විනිසුරු තැන්පත් අමල් රණරාජා මැතිතුමා විසින් දඬුවම් නියම කරන ලද අතර, ඒ අනුව, සෑම චෝදනාවක් සඳහා ම වසර 02 බැගින් බරපතල සිරදඬුවම් නියම කරන ලද අතර, එය එකවිට ගෙවී යන පරිදි වසර 05කට අත්හිටුවන ලදි. තව ද, රු. 20,000/- ක දඩයක් නියම කරන ලද අතර, එය නොගෙවනවා නම්, වසර 06ක ලිහිල් සිරදඬුවම් නියම කරන ලද අතර, අල්ලස් පනතේ 26 වගන්තිය ප්‍රකාරව, රු.10,000/-ක මුදලක දඩයක් ද නියම කරන ලදි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් මෙම නඩුව සහකාර අධ්‍යක්ෂ (නීති) තුසිතා ජයනෙත්ති මහත්මිය විසින් මෙහෙයවන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search