රේගුවේ නිශ්කාෂණය නොවූ වාහන ඉදිරි විමර්ශන සඳහා නැවතත් රේගුවට භාර දෙයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සහාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය වෙත ලද තොරතුරක් අනුව ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂණය නොවූ වාහන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඇත. එම විමර්ශනය මගින් භාරයට ගනු ලැබූ වාහන තුනක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර ඉදිරි රේගු විමර්ශන සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාර ගන්නා ලෙසට 2024.08. 23 වෙනි දින ගරු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග දී තිබේ.

අධිකරණ නියෝගය මත වාහන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර නොතිබූ පුද්ගලයන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කර ඇති අතර අධිකරණ නියෝග කාලය දීර්ඝ කර ගන්නා ලද වාහන හිමියන් වෙත එම වාහන 2024.09.11 වෙනි දිනට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තවදුරටත් නියෝග නිකුත් කර ඇත.

මෙම වාහන ආනයනය කිරීම සඳහා සහය වූ රේගු නිලධාරීන් හා වාහන ලියාපදිංචිය සඳහා සහය වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතට ගරු අධිකරණය විසින් තවදුරටත් නියෝග ලබා දී ඇති අතර මෙම නඩුව 2024.09.18 වෙනි දින නැවත කැඳවීමට නියමිත කර ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search