හිටපු අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසිට වසර 2 ක් දක්වා වූ සිර දඬුවම් අවුරුදු 10 කට අත් හිටුවයි

හිටපු ආපදා කළමනාකරණ අමාත්‍යවරයෙකු වූ ඒ .එච් . එම් .ෆවුසි මහතාට වසර 2 ක් දක්වා වූ සිර දඬුවම් වසර 10 කට අත් හිටුවීමට කොළඹ මහාධිකරණය විසින් 2024.08.27 වන දින නියෝග දී ඇත. එසේ නියෝග දී ඇත්තේ 2010 වසරේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබා දී තිබුණු රු. 19,500,000.ක් වටිනා ටොයෝටා ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් තම පුද්ගලික භාවිතයට ගැනීමත් එහි නඩත්තු කටයුතු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලේකම් කාර්යාලය මගින් රු. 1,073,334.93 ක මුදලක් ලබාගැනීම සම්බන්ධවය.

එමෙන්ම මෙම දූෂණ ක්‍රියාවන් සිද්ධ කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්ව සිටි සිත්ති මරීනා මොහොමඩ් යන අය පෙළඹවීම සඳහා කටයුතු කිරීම හේතුවෙන්ද අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස ආණ්ඩුවට පාඩු කිරීමේ චේතනාවෙන් තම ධූරය යොදවාගැනීම සම්බන්ධවද හිටපු අමාත්‍යවරයාට මෙලෙස අත් හිටවූ සිර දඬුවම් පැමිණවීමට ගරු මහාධිකරණය විසින් වැඩිදුරටත් නියෝග දී ඇත. තවදුරටත් මෙහි එක් එක් චෝදනාවන්ට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ හතරක දඩ මුදලක් ගෙවීම සඳහාද ගරු මහාධිකරණ විනිසුරු තුමා විසින් නියෝග කර ඇත.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ අසිත ඇන්තනි මහතා පෙනී සිටි අතර විත්ති පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනීසිටින ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search