පොලිස් නිලධාරියෙකුට අල්ලස් දීමට ගිය පුද්ගලයෙකුට වසර 15 ක අත් හිට වූ සිර දඬුවම්

ඇතිමලේ ප්‍රදේශයේ තමා සිදුකළ වරදට නීතිය මගින් කටයුතු නොකර සිටීමට අල්ලස් වශයෙන් රුපියල් 5000 ක මුදලක් පිරිනැමීමට ගිය බඩල්කුඹුර දොඩන්ගහදුරල ප්‍රදීප් උපුල් කුමාර යන තැනැත්තෙකුට රජයේ සේවකයෙකුට අල්ලස් පිරිනැමීමේ චෝදනාව යටතේ කොළඹ මහාධිකරණය විසින් 2024.08. 26 දින වසර 2 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් වසර 15 ක් අත් හිටුවීමට නියෝග දී ඇත.

මෙසේ චූදිතට විරුද්ධව චෝදනා ගොනු කර ඇත්තේ ගංජා කිලෝග්‍රෑම් 6 ක් සන්තකයේ තබාගැනීම සහ ගංජා වගාකිරීම යන වැරදි සම්බන්ධයෙන් නීතිය මගින් කටයුතු නොකර සිටීම සඳහා රජයේ සේවකයෙකු වූ පොලිස් පරීක්ෂක එච්. පී. සරත් කුමාර යන අයට පෙළඹවීමක් හෝ ත්‍යාගයක් වශයෙන් රුපියල් 5000 ක් වූ මුදලක තුටු පඬුරක් පිරිනැමීමෙන් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකල නිසාවෙන්ය.

මෙම වරද සඳහා චූදිත සියළුම චෝදනා පිළිගෙන ඇති අතර ගරු මහාධිකරණය තවදුරටත් ඔහුට රුපියල් 5000 ක දඩ මුදලක් ගෙවීමට නියෝග කර ඇති අතර දඩ නොගෙවන්නේනම් අමතර මාස 03 ක සිර දඬුවම් ද නියම කර ඇත. තවද අල්ලස් වශයෙන් පිරිනැමූ මුදල රාජසන්තක කිරීමටද කටයුතු කර ඇත.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ අසිත ඇන්තනි මහතා අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් කරුණු දක්වා ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search