සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු නිදහස් වූ නඩුවට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකරන ලද ප්‍රතිශෝධන නඩුවට අභියාචනාධිකරණය විසින් වගඋත්තරකරුට නොතීසි නිකුත් කරයි

මාදිවෙල ප්‍රදේශයේ පිහිටි නිවසක්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයට කුලියට ගැනීම වෙනුවෙන් එකී නිවස සඳහා බදු අත්තිකාරම් මුදල් ලෙස රු.1,980,000/- (රුපියල් දහනව ලක්ෂ අසූ දහස) ක් හෝ ඊට ආසන්න මුදලක් එකී නිවෙස් හිමිකරුට නීති විරෝධී ලෙස මුදා හැරීමට ඉහත නම සඳහන් චූදිත, ස්වකීය ධුරය සෘජුව හෝ අන්‍යාකාරයෙන් හෝ භාවිතා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන්ව පෙළඹවීමෙන් 2018 අංක 22 හා 1994 අංක 20 දරන පනතින් සංශෝධිත 1954 අංක 11 දරන අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දූෂණය නැමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයට හිටපු සභාපතිවරයෙකු වූ සරණ ගුණවර්ධන යන අයට එරෙහිව වර්ෂ 2022 දී අල්ලස් කොමිෂන් සභාව විසින් නඩු පවරන ලදී.

ඉහත සඳහන් නඩුවේ දී වගඋත්තරකරු වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාවයක් සලකා බලමින් කොළඹ මහාධිකරණය විසින් වගඋත්තරකරු නිදහස් කරන ලදි.

එකී මහාධිකරණ නියෝගය අභියෝගයට ලක්කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රතිශෝධන නඩුවක් 2024.08.21 දින ගොණුකරන ලදි. මෙම ප්‍රතිශෝධන නඩුව 2024.08.29 වන දින ගරු අභියාචනාධිකරණය විසින් කරුණු විමසීමට ගනුලැබූ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, වගඋත්තරකරුට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කිරීමට තීරණය කරන ලදී. සහකාර අධ්‍යක්ෂ නීති අනූෂා සම්මන්දප්පෙරුම, නීති සහකාර සාරන්‍යා ජෙයරාජා යන නිලධාරීන් අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search