අල්ලස් නඩුවක ප්‍රධාන සාක්ෂිකරු පරස්පර සාක්ෂි ලබාදීම හේතුවෙන් මහාධිකරණයෙහි අධි චෝදනා ගොනු කිරීමට පියවර

බලංගොඩ සුරාබදු කාර්යාලයේ සුරාබදු නිලධාරීන් පස් දෙනෙකුට විරුද්ධව නඩු අංක එච්සීබී/112/ 2021 යටතේ අල්ලස් ඉල්ලීම සහ භාර ගැනීමට අදාළව විභාගවන අල්ලස් නඩුවක ප්‍රධාන සාක්ෂිකරු ගරු මහාධිකරණයේ දී වැදගත් කරුණු සම්බන්ධයෙන් පරස්පර වන ආකාරයේ සාක්ෂි ලබාදුන් බැවින්, බොරු සාක්ෂි ලබාදීම මත අධි චෝදනා ගොනු කිරීම සඳහා පියවර ගන්නා බව දක්වනු ලැබීය.

ගරු මහාධිකරණ විනිසුරු තැන්පත් මංජුල තිලකරත්න මැතිතුමා විසින් රු.250,000/- බැගින් මුදල් ඇප සහ ලක්ෂ 25 බැගින් වටින ශරීර ඇප 02ක් මත ප්‍රධාන සාක්ෂිකරු මුදාහැරීම සිදු කරන ලදි. 2024 අගෝස්තු මස 29 වන දින පැවැති මහාධිකරණ නඩු විභාගය අවසන් වූ පසුව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 147 වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම ප්‍රධාන සාක්ෂිකරුට එරෙහිව ගරු මහාධිකරණයෙහි අධිචෝදනා ගොනු කිරීම සඳහා ද ඉදිරියේ දී කටයුතු කරන බව තවදුරටත් දක්වන ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search