වියනා නුවර UNODC-UNCAC සැසියේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝජිත පිරිස හා ලෝක බැංකු නියෝජිතවරිය අතර හමුවක්

වියානා ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ පැවති මත්ද්‍රව්‍ය හා අපරාධ පිලිබඳ එක්සත් ජාතීන් ගේ කාර්යාල (UNODC) සැසි හා එක්සත් ජාතීන් ගේ දූෂණ විරෝධී සම්මුති (UNCAC) සැසි සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝජිත පිරිසක් සහභාගී වූ අතර කොමිෂන් සභාව විසින් මෑතක දී අත්කර ගත් ප්‍රගතිය සම්බන්ධයෙන් හා එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම නියෝජිත පිරිස සැප්තැම්බර් 04 වන දින ලෝක බැංකු මූල්‍ය අංශ ජ්‍යෙෂ්ඨ විශේෂඥ ලෝරා පොප් මහත්මිය හමුවූහ.

එහි දී, කොමිෂන් සභාව ප්‍රතිව්‍යූහගත කිරීමට අදාල ව මෙන් ම වත්කම් හා බැරකම් ප්‍රකාශ සඳහා මධ්‍යගත පද්ධතියක් ස්ථාපනය කිරීමට අදාල ව කොමිෂන් සභාව විසින් මේ වන විට අත්කර ගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති, නීල් ඉද්දවල විනිසුරුතුමන් විසින් ලෝක බැංකු නියෝජිතවරිය දැනුවත් කරන ලදි. එමෙන් ම, ශ්‍රී ලංකාව තුලින් දූෂණය පිටුදැකීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නැංවීමට අදාල ව ගෙන ඇති ප්‍රගාමී පියවර ද එතුමා එහි දී පෙන්වා දෙන ලදි. මීට අමතර ව, කොමිෂන් සභා ප්‍රගතිය අඩාල වීමට බෙහෙවින් හේතු වී ඇති මෙහෙයුම් හා සබැඳි අඩුපාඩු සම්බන්ධයෙන් හා කොමිෂන් සභාව විසින් මුහුණ දෙනු ලබන අභියෝග හා බාධක සම්බන්ධයෙන් ද එහි දී සාකච්ඡා කරන ලදි.

මෙම සාකච්ඡා සඳහා කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය සහ සහකාර අධ්‍යක්ෂ ජනරාල් දිස්නා ගුරුසිංහ මහත්මිය ද සහභාගී වූහ.

කොමිෂන් සභාව විසින් ඉදිරියේ දී සිදු කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රසාදය පල කල පොප් මහත්මිය, ශ්‍රී ලංකාව තුල විනිවිදභාවය හා සුපිලිපන්නතාවය තහවුරු කිරීම සඳහා කොමිෂන් සභාව විසින් දරන ප්‍රයත්නයන්ට ලෝක බැංකු සහය තවදුරටත් ලබා දීමට පොරොන්දු වූවාය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ධාරිතා ශක්තිමත් කිරීම සඳහාත් දූෂණ විරෝධී හා යහපාලන ක්‍රියාන්විතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර පාර්ශව සමග සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහාත් කොමිෂන් සභාව විසින් දරන ප්‍රයත්නයන්ට අදාල වැදගත් ඉදිරි පියවරක් මෙම සාකච්ඡා තුලින් සනිටුහන් කෙරෙයි.

WhatsApp Image 2024 09 10 at 16.13.24

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search