මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ දේපළ තහනම් කිරීම

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව අනුරාධපුර ප්‍රදේශයේ රාජකාරී සිදුකරන ලද සහකාර පොලිස් අධිකාරීවරයෙකු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ මේ වන විට විමර්ශන කටයුතු සිදුකරගෙන යනු ලබයි.

එකී විමර්ශනයට අදාලව සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයාගේ බිරිඳ සන්තකයේ පැවැති BMW වර්ගයේ මෝටර් රථයක්, Wagon R වර්ගයේ මෝටර් රථයක් සහ ලොරි රථයක් මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරයා භුක්ති විඳින ලද අනුරාධපුර ප්‍රදේශයේ රජයට අයත් ඉඩම් 02 ක් 2024.09.12 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 53 (1) වගන්තිය ප්‍රකාරව දින 07 ක කාල සීමාවක් සඳහා තහනම් කරන ලදී.

ඒ අනුව, 2024.09.18 වන දින කොළඹ මහාධිකරණ අංක 01 හි ගරු විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මැතිතුමන් විසින් අදාළ තහනම් නියෝගය ඉදිරි මාස 03 ක කාලසීමාවක් දක්වා දීර්ඝ කිරීමට නියෝග ලබා දෙන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search