අයථා වත්කම් රැස්කිරීමේ වරද යටතේ දේපළ තහනම් කිරීම

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව සිදුකරනු ලබන විමර්ශන කටයුතු වලට අදාලව ඔහුගේ පුත්‍රයාගේ නමට පවතින කොළඹ 07, ධර්මපාල මාවතේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක පිහිටි නිවාස ඒ්කක 02 ක් 2024.09.13 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 53 (1) වගන්තිය ප්‍රකාරව දින 07 ක කාල සීමාවක් සඳහා තහනම් කරන ලදී.

2024.09.19 වන අද දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කරන ලද ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණ ගරු විනිසුරු මංජුල තිලකරත්න මැතිතුමන් විසින් අදාළ තහනම් නියෝගය ඉදිරි මාස 03 ක කාලසීමාවක් දක්වා දීර්ඝ කිරීමට නියෝග ලබා දෙන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search