හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රිට් අයදුම්පත අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ යන අයට එරෙහිව වත්කම් විමර්ශනයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීමේ දී එයට එරෙහිව සැකකාර මන්ත්‍රීවරයා විසින් අභියාචනාධිකරණය වෙත යොමු කරන ලද රිට් අයදුම්පත 2024.08.29 වන දින ගරු අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත.

මෙම රිට් අයදුම්පතේ ප්‍රධාන වශයෙන් ම වගඋත්තරකරුවන්ට විමර්ශනය සිදු කිරීම සඳහා කොමිෂන් සභාවේ බලතල අභිනියෝජනය කර නොමැති බවත්, එසේ තිබිය දී ඔහුගේ ආදායම්, වියදම් සහ වත්කම් යනාදිය සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඔහු වෙත දැනුම් දී ඇති බවත්, මෙම ක්‍රියාව හුදෙක් වගඋත්තරකරුවන් නිසි පරිදි බලය අභිනියෝජනයක් නොමැතිව සිදු කර ඇති බැවින් ඔහුට එරෙහිව විමර්ශනයක් සිදු කිරීමට ගනු ලැබූ තීරණය අවලංගු කරන ලෙස පෙත්සම්කරු වන සුජීව සේනසිංහ යන අය ගරු අධිකරණයෙන් අයැද ඇත. මෙම නඩුව විවාදයට ගත් අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් මූලික විරෝධතා කිහිපයක් ඉදිරිපත් කළ අතර, එකී විරෝධතා පිළිගනිමින් පෙත්සම්කරුගේ පෙත්සම ගරු අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත.

මෙම නඩුව සඳහා වගඋත්තරකරුවන් වෙනුවෙන්, සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වසන්ත පෙරේරා සහ සහකාර අධ්‍යක්ෂ නීති ගයාන් මාදුවගේ යන නිලධාරීන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිට ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search