අල්ලස් පනතේ 70 වන වගන්තිය ප්‍රකාරව රජයට පාඩුවක් සිදුකරමින් දූෂණයක් සිදුකිරීමේ චෝදනාව මත, ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකයේ, ජීව වෛද්‍ය ඉංජිනේරුවරයෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීම

කොමිෂන් සභාවට ලද පැමිණිල්ලක් ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශල්‍යාගාර ලාම්පු 35 ක් මිළදී ගැනීමේ ටෙන්ඩරයේ සිදු වූ දූෂණයක් පිළිබඳ විමර්ශන සිදුකරන ලදී.

එකී විමර්ශනයේ දී, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකව සිටි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකයේ, ජීව වෛද්‍ය ඉංජිනේරු සුබසිංහ ආරච්චිගේ ජනප්‍රිය කරුණාතිලක යන චූදිතට එරෙහිව 1954 අංක 11 දරණ අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ කරුණු අනාවරණය විය. ඒ අනුව, 2024.10.01 වන දින අදාල චූදිතට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search