රජයේ මුදල් භාවිතයේ දී දක්වන ලද ප්රශස්තභාවය සැළකිල්ලට ගනිමින් රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද රජයේ විශේෂ වැයකිරීම් ඒකකය යටතේ වන ආයතන 838 ක් අතරින් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව තුන්වැනි තැන හිමිව තිබේ.
රජයේ මුදල් භාවිතයේ දී දක්වන ලද ප්රශස්තභාවය සැළකිල්ලට ගනිමින් රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද රජයේ විශේෂ වැයකිරීම් ඒකකය යටතේ වන ආයතන 838 ක් අතරින් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව තුන්වැනි තැන හිමිව තිබේ.
විමර්ශනය සඳහා විද්‍යුත් ආවේක්ෂණ උපකරණ සැපයීම හා නඩත්තු කිරීම
කන්තලේ සීනි කර්මාන්තශාලාව පවත්වාගෙන යාම සඳහා එහි මුළු ඉඩම් ප්‍රමාණයත් ගොඩනැගිලි සමඟ යන්ත්‍රෝපකරණ බාධාවකින් තොරව ලබාදීමේ කාර්යය සඳහා ඉන්දියානු ජාතිකයෙකු වූ කොටගරලාහල්ලි පෙදප්පයියා නාගරාජා යන අයගෙන් රුපියල් මිලියන 20 ක තුටු පඩුරක් අයදීම හා භාරගැනීම හේතුවෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ඉදිකැටිය හේවගේ කුසුම්දාස මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක යන අයට විරුද්ධව ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණයේදී නඩු අංක 01/04/2019 යටතේ 2019.06.20 දින නඩු පවරා ඇත. මෙම නඩුව ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණ අංක 01 හි 2019.07.08 දින කැඳවීමට නියමිතය.
සිය ගරාජයේ සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් නීතිමය කටයුතු නොකර සිටීමට රු.150,000/- ක අල්ලසක් ඉල්ලා ලබාගත් මාතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙකුට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මහාධිකරණයේ නඩු පවරා තිබුණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන ලද වැටලීමකින් මෙම චූදිතයා අත්අඩංගුවට ගන්නා ලදී.
අල්ලස හා දූෂණය තුරන් කිරීම පිළිබඳ සංයුක්ත පණත් කෙටුම්පත සම්බන්ධයෙන් SOCLAM විසින් රාජ්‍ය අංශයේ පාර්ශවකරුවන්ගෙන් කරනු ලබන උපදෙස් විමසීම - 2019 ජූනි 25 දින හොටෙල් අමාරි, ගාල්ල
අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ කැරම්බෝඩ් 14,000 ක් සහ දාම්බෝඩ් 11,000 ක් නිසි ක්‍රමවේදයට පටහැනිව ලංකා සතොස ආයතනය වෙත ආනයනය කිරීමෙන් සහ එම ක්‍රීඩා භාණ්ඩ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ නොවන කාර්යයක් සඳහා යෙදවීමෙන් මිලියන 53 ක අලාභයක් සිදු කිරීමෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ලංකා සතොස ආයතනයේ හිටපු සභාපති නලින් රුවන්ජීව යන අයට එරෙහිව ත්‍රී පුද්ගල මහාධිකරණ අංක 02 හිදි මහාධිකරණ නඩු අංක HC/PTB/2/2/2019 යටතේ අල්ලස් කොමිෂම විසින් නඩු පවරන ලදි.
2018 ඔක්තෝබර් 01, 02, 04, 08 හා 09 දිනවල මෙම කාර්යාලයේ පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව පහත නම් සඳහන් නිලධාරීන් කාර්යාල සේවක සේවයේ III වන ශ්‍රේණියේ තනතුරුවල සේවයට වාර්තා කරන ලදී.
2019.07.01 වන දින දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දී නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් මයුරි උඩවෙල මහත්මිය සහ සහකාර අධ්යක්ෂ (නීති) අනුරාධා සිරිවර්ධන මහත්මිය විසින් 2019 අගෝස්තු මස 16 වන දින යාපනයේ දී සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත නිවාරණ වැඩමුළුව පිළිබඳ පූර්ව සාකාච්ඡාවක් යාපනයේ දිස්ත්‍රික් ලේකම් වේදනායගම් මහතා ඇතුළු සියලුම ප්‍රාදේශීය ලේකම්වරු සමඟ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.
නඩු අංකය 6835/2012
චුදිත - එස්.වී.පී.හෙක්ටර් ධර්මසිරි
2019.06.28 දින අනුරාධපුර උතුරු මැද පළාත් සභා ශ්‍රවනාගාරයේදී රාජ්‍ය නිලධාරීන් සදහා දූෂණය පිටුදැකීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩමුළුව මෙම කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමට 2018 ඔක්තෝම්බර් 27 දින පවත්වනු ලැබූ විභාගයේ ප්‍රතිඵල අනුව සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් සඳහා 2019 ජූලි මස 04 වන දින පෙ.ව. 9.30 සිට පෙ.ව.11.30 දක්වා විමර්ශන විෂයය හා සම්බන්ධ සිද්ධි අධ්‍යයනයක් ආශ්‍රිතව සකස් කරන ලද කෙටි ලිඛිත පරීක්ෂණයක් කොළඹ 03, කුමාරතුංග මුනිදාස මාවතේ පිහිටි කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේදී පවත්වනු ලැබේ.
පැමිණිලිකරු වාහන ලිසිං පාසුකම් ලබා දෙන ආයතනයක් පවත්වාගෙන යන අතර, ලීසිං වාහන රඳවා තබන ගොඩනැගිල්ලට අයතා ලෙස විදුලිය ලබාගෙන ඇති බවට චෝදනාකරමින් ඒ සඳහා නීති මගින්ත කටයුතු නොකර සිටීමට , හෝමාගම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීයකු රු.100,000 ක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල 2019.06.20 දින ලබාගත් අවස්ථාවේදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසි න්අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954