දූෂණ විරෝධී පනතේ 89 වන වගන්තිය පරිදි සියලු ම මැතිවරණ අපේක්ෂකයන් තම නාමයෝජනාපත්‍ර භාර දෙන අවස්ථාවේ දී තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයන් ද මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාරදිය යුතු වේ. මෙහි දි පනතේ 82 (2) ව්‍යතිරේඛය ප්‍රකාරව, ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශ කරනු ලබන දිනය දක්වා, අදාළ වර්ෂය සඳහා වූ වත්කම් හා බැරකම් ප්‍රකාශ සිදු කළ යුතු වේ.