ගම්පොළ, ඉල්ලවතුර ප්රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදු කරන පරීක්ෂණයකට අදාළව ප්රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම වෙත 2024.10.25 වන දින යාම සඳහා රථයට ඉන්ධන ලබාගැනීමට හා මග වියදම් ලෙස රු.20,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ අල්ලස් චෝදනාව මත ස්ථානාධිපති පාලන, මූලස්ථාන පොලීසිය - ගම්පොළ කාර්යාලයේ ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත 2024.10.23 වන දින ප.ව.5.25ට පමණ ගම්පොළ නගරය ආසන්නයේ නුවරඑළිය පාර පිහිටි ආපන ශාලාවක් තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.