නල්ලූර් උතුර, යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වීසා නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමේ වරදට අත්අඩංගුවට ගන්නා ලද පැමිණිලිකරු, වැලිසර ආගමන විගමන රැදවුම් මධ්‍යස්ථානයෙන් නිදහස් කර දීමට අවශ්‍ය කටයුතු කර දීමට රු. 500,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ සේවයේ නියුතු ආගමන විගමන බලයලත් නිලධාරීවරයෙක් 2025.01.20 වන දින ප.ව. 4.42 ට පමණ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැලිසර රැදවුම් මධ්‍යස්ථානය තුල දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක (විශ්‍රාමික) දූෂණ වරද මත අත්අඩංගුවට
අප්‍රේල් 28 2026
අල්ලස් ලබාගත් කම්කරු ක්ෂේත්‍ර නිලධාරියෙකුට වසර 06 බැගින් සිරදඬුවම්
අප්‍රේල් 28 2026








