ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයේ සේවකයින්ට මාසිකව ගෙවනු ලබන මූලික වැටුප රුපියල් පන්දහසකින් වැඩි කළ යුතු බවත්, එම වැඩි කළ මුදලට අදාළව රජයට ගෙවිය යුතු සේවක අර්ථසාධක මුදල් ගෙවිය යුතු බවත්, මෙම ආයතනය සම්බන්ධයෙන් පෙර වැරදි ඇති බවත් දන්වා ඒ සම්බන්ධයෙන් උසස් නිලධාරීන් දැනුවත් කර නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා සහ විමර්ශන කටයුතු සඳහා භාරයට ගත් ලේඛන නැවත ලබාදීම සඳහා රු. 250,000/- ක (දෙලක්‍ෂ පනස්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත කම්කරු දෙපාර්තමේන්තුවේ, බටහිර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කම්කරු නිලධාරියෙකු 2025.01.22 වන දින ප.ව. 1.55 ට පමණ ගල්කිස්ස, ගාලු පාර, ටෙම්පල්ස් පාර හන්දිය අසල පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉදිරිපිට දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්රකාශ කිරීම
මැයි 23 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025