ගිරිබාව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විවාහ වී සිට දැනට ඔහුව අතහැර ගොස් සිටින තම බිරිඳට විරුද්ධව පැමිණිලිකරු විසින් පවරන ලද වන්දි නඩුවට අදාළව බිරිඳට විරුද්ධව ඇති වරෙන්තුව ක්‍රියාත්මක කර, බිරිඳ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර දීම මඟින් හිඟ වන්දි මුදල් ලබා ගැනීමට උදව් කර දීම වෙනුවෙන් රු. 20,000/- ක (රුපියල් විසිදහසක) අල්ලස් මුදලක් ඉල්ලා එකී මුදල ලබා නොදුනහොත් පැමිණිලිකරුට විරුද්ධව යම් නීති විරෝධී කටයුත්තක් සම්බන්ධ කර නඩු පවරා සිරගත කිරීමට කටයුතු කරන බව පවසා, එය සිදු නොකර සිටීමට රු.20,000/=ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් ගිරිබාව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු 2025.01.24 දින ප.ව.1.22 ට පමණ පැමිණිලිකරුගේ නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක (විශ්‍රාමික) දූෂණ වරද මත අත්අඩංගුවට
අප්‍රේල් 28 2026
අල්ලස් ලබාගත් කම්කරු ක්ෂේත්‍ර නිලධාරියෙකුට වසර 06 බැගින් සිරදඬුවම්
අප්‍රේල් 28 2026








