ගල්නෑව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු මිල දී ගන්නා ලද ගොයම් කපන යන්ත්‍රය (සුනාමි) මිල දී ගන්නා ලද පුද්ගලයාගේ නොවන බව පවසා එයට එරෙහිව නීති මඟින් කටයුතු නොකර සමථයක් කර, එම යන්ත්‍රය මිල දී ගත් මුදල නැවත ලබා ගැනීමට අවශ්‍යය කටයුතු කර දීමටත් පරණ යකඩ ව්‍යාපාරය කරදරයකින් තොරව ඉදිරියට කර ගෙන යාමට අවස්ථාව සලසා දීම සඳහා රු.30,000/- ක අල්ලස් මුදලක් තුටු පඬුරක් ලෙස ඉල්ලීම සහ එම මුදල තුටු පඬුරක් ලෙස ඉල්ලීමට ආධාර අනුබල දීම හා එම මුදල් ලබා ගැනීමට සහාය වීම යන අල්ලස් චෝදනා මත ගල්නෑව පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු 2025.03.01 වන දින පෙ.ව.11.55 ට සහ පෙ.ව.11.58 පමණ ගල්නෑව පොලිස්ථානයේ ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
හිටපු අමාත්‍ය ආර්.එම්.චන්ද්‍රසිරි බණ්ඩාර රත්නායක යන අය අත්අඩංගුවට
දෙසැම්බර් 02 2025
රටට බලපා ඇති ආපදා තත්වය තුල සමාජ මාධ්‍යන්හි පළවන අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳව පැහැදිළි කිරීම
දෙසැම්බර් 02 2025
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ලෙස කටයුතු කළ ඒ.ඒ.එම්.හිල්මි යන අය දූෂණ චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 25 2025
හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට
නොවැම්බර් 13 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
රු.3,000/-ක (රුපියල් තුන්දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගැනීම සහ ආධාර අනුබල ලබාගැනීම අල්ලස් චෝදනා මත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
දෙසැම්බර් 02 2025
රු.50,000/-ක (රුපියල් පනස් දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් පුද්ගලික අංශයේ ආරක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 22 2025
රු.10,000/-ක (රුපියල් දස දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් දෙහිඅත්තකණ්ඩිය බීට්ටු වන නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 13 2025








