ගල්නෑව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු මිල දී ගන්නා ලද ගොයම් කපන යන්ත්‍රය (සුනාමි) මිල දී ගන්නා ලද පුද්ගලයාගේ නොවන බව පවසා එයට එරෙහිව නීති මඟින් කටයුතු නොකර සමථයක් කර, එම යන්ත්‍රය මිල දී ගත් මුදල නැවත ලබා ගැනීමට අවශ්‍යය කටයුතු කර දීමටත් පරණ යකඩ ව්‍යාපාරය කරදරයකින් තොරව ඉදිරියට කර ගෙන යාමට අවස්ථාව සලසා දීම සඳහා රු.30,000/- ක අල්ලස් මුදලක් තුටු පඬුරක් ලෙස ඉල්ලීම සහ එම මුදල තුටු පඬුරක් ලෙස ඉල්ලීමට ආධාර අනුබල දීම හා එම මුදල් ලබා ගැනීමට සහාය වීම යන අල්ලස් චෝදනා මත ගල්නෑව පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු 2025.03.01 වන දින පෙ.ව.11.55 ට සහ පෙ.ව.11.58 පමණ ගල්නෑව පොලිස්ථානයේ ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.