සිත්තාන්ඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, තුරුක්කනාමඩු ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ බිරිඳගේ නමින් ඇති අක්කර 3 ක කුඹුරු ඉඩම සඳහා වගා හානි සිදු වූ බවට සැකකරු වන සංවර්ධන නිලධාරියා විසින් ම පවසා, ඉහත කුඹුරට වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය කටයුතු ඔහු විසින් ම සිදු කර දී, එම වන්දි මුදල් බැංකුගත කිරීමට කටයුතු කිරීම වෙනුවෙන් රු.50,000/=ක මුදලක් සැකකරු විසින් ඉල්ලා, එයින් රු.40,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් වන්දාරුමුලෛ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරියෙකු 2025.03.05 වන දින පෙ.ව.9.44 ට පමණ චෙන්කල්අඩි ලංකා බැංකුව ඉදිරිපිට දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
රු.50,000/-ක (රුපියල් පනස්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් තක්සේරු නිලධාරිනියක අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
මාර්තු 18 2025
රු.1,500/-ක (රුපියල් එක්දහස්පන්සියයක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
මාර්තු 17 2025