සිත්තාන්ඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, තුරුක්කනාමඩු ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ බිරිඳගේ නමින් ඇති අක්කර 3 ක කුඹුරු ඉඩම සඳහා වගා හානි සිදු වූ බවට සැකකරු වන සංවර්ධන නිලධාරියා විසින් ම පවසා, ඉහත කුඹුරට වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය කටයුතු ඔහු විසින් ම සිදු කර දී, එම වන්දි මුදල් බැංකුගත කිරීමට කටයුතු කිරීම වෙනුවෙන් රු.50,000/=ක මුදලක් සැකකරු විසින් ඉල්ලා, එයින් රු.40,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් වන්දාරුමුලෛ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරියෙකු 2025.03.05 වන දින පෙ.ව.9.44 ට පමණ චෙන්කල්අඩි ලංකා බැංකුව ඉදිරිපිට දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ කාන්තා පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
ජනවාරි 06 2026
මහවැලි අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙකු දූෂණය වරද හා පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට
දෙසැම්බර් 22 2025
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති දූෂණ චෝදනා මත අත්අඩංගුවට
දෙසැම්බර් 16 2025
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට
දෙසැම්බර් 14 2025








