නිකවැරටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු රාජකාරි කරනු ලබන නිකවැරටිය මූලස්ථාන පොලිස් ස්ථානයේ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය මඟින් සිදු කරනු ලබන ගව සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව අවශ්‍ය කරනු ලබන සැකකරුවන් දෙදෙනෙකු එම අපරාධයේ සැකකරුවන් ලෙස නම් නොකර සාක්ෂිකරුවන් වශයෙන් නම් කරන ලෙසට ඉල්ලා ඒ වෙනුවෙන් රු. 20,000/- ක (රුපියල් විසිදහසක) මුදලක් අල්ලස් වශයෙන් පිරිනැමීම සහ එයට ආධාර අනුබල දීම යන චෝදනා මත දඹදෙණිය සහ අලව්ව ප්‍රදේශයේ පදිංචි සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු 2025.03.06 වන දින ප.ව.4.00 ට පමණ නිකවැරටිය පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති ග්‍රොසරි වෙළඳසැලක් තුළ දී හා පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව අසල දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.