මීරිගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කටයුතු සිදු කරනු ලබන පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, ශ්‍රී ලංකාවට ආනයනය කළ CCTV කැමරා 30ක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයෙන් බදු ගෙවීමකින් තොරව නිදහස් කරගැනීමට පැමිණිලිකරුගෙන් රුපියල් එකළොස්දහසක් (රු.11,000) ඉල්ලා, ලබාගත් චෝදනාව යටතේ එච්.සී.බී 176/22 මගින් ගොනු කළ නඩුවකට අදාළව, රාමවික්‍රම ගමාරච්චිගේ රුවන් යන අයට දඬුවම් නියම විය.
ඒ අනුව, 2025.02.06 වන දින චූදිත චෝදනා 04ක් සඳහා වරදකරු වූ අතර, එක් චෝදනාවකට වසර 07 බැගින් චෝදනා 04 සඳහා වසර 28ක් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර, එම සිරදඬුවම් එකවර වසර 07කින් ගෙවී යන ලෙසට නියම කර ඇත. චෝදනා 04 සඳහා රු.5000/= දඩයක් නියම කරන ලදි. එය නොගෙවන්නේ නම් මාස 06 බැගින් ලිහිල් සිරදඬුවම් නියම කරන ලදි. තව ද, රු.11,000/= ක් වූ දණ්ඩන මුදලක් නියම කර ඇත.තෙවන චෝදනාවට රු.11,000/- දඩයක් නියම කර ඇත.
කොළඹ මහාධිකරණ අංක 04හි ගරු විනිසුරු මහේෂ් වීරමන් මැතිතුමා විසින් මෙම තීන්දුව ලබා දුන් අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් මෙම පැමිණිල්ල මෙහෙයවීම සහකාර අධ්‍යක්ෂ නීති ගයාන් මාදුවගේ මහතා විසින් සිදු කරන ලදි.