අල්ලස් වශයෙන් රු.150,000/- ක් පිරිනැමීමේ චෝදනාව යටතේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි සිවිල් කාන්තාවකට දඬුවම් නියම කෙරේ

අවිස්සාවේල්ල පොලිස් ස්ථානයේ එවකට සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, ගංජා ජාවාරම කිරීම යන වරද වෙනුවට ගංජා ලඟ තබා ගැනීම යන වරදට නඩු පැවරීමට, පෙළඹවීමට පැමිණිලිකරුට රුපියල් එක්ලක්ෂ පනස්දහසක් (රු.150,000) පිරිනැමීම යන චෝදනාව යට‌තේ එච්.සී.බී 290/24 මගින් ගොනු කළ නඩුවකට අදාළව, ගොඩේ විතානගේ අනූෂා සංජිවනී සේනානායක යන අයට දඬුවම් නියම විය.

ඒ අනුව, 2025.02.10 වන දින චූදිතට වසර 02 බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර එය වසර 15 අත්හිටුවන ලද අතර, රු.5000/= දඩයක් නියම කරන ලදි. එය නොගෙවන්නේ නම් මාස 06 ලිහිල් සිරදඬුවම් නියම කරන ලදි. තව ද, රු.150,000/= ක් වූ අල්ලස් මුදල රාජසන්තක කරන ලදි.

කොළඹ මහාධිකරණ අංක 07හි ගරු විනිසුරු ප්‍රදීප් අබේරත්න මැතිතුමා විසින් මෙම තීන්දුව ලබා දුන් අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් මෙම පැමිණිල්ල මෙහෙයවීම සහකාර අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි දයාරත්න මහත්මිය විසින් සිදු කරන ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search