අල්ලස් වශයෙන් රු.2000/- ක් ඉල්ලා ලබා ගත් කුලියාපිටිය රජයේ රෝහලේ සනීපාරක්ෂක කම්කරුවෙකු ලෙස සිටි චූදිතට දඬුවම් නියම කෙරේ

කුලියාපිටිය රජයේ රෝහලේ සනීපාරක්ෂක කම්කරුවෙකු ලෙස සිටි චූදිත පැමිණිලිකරුගෙන් රු.2000/-ක් ඉල්ලා ලබාගැනීම චෝදනාව යටතේ එම්සීබී.8455/01/2014 මගින් ගොනු කළ නඩුවකට අදාළව මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මදුමුරුත්තුවා‌ගේ රත්තරනාගේ රූපසිංහ යන අයට දඬුවම් නියම විය.

ඒ අනුව, 2025.01.31 වන දින චූදිතව චෝදනා දෙකක් සඳහා වරදකරු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්/ අධිකරණ අංක (1) හි පූර්වගාමී විනිසුරු ගරු ප්‍රසන්න අල්විස් මැතිතුමා විසින් තීන්දුව ලබා දී ඇත. තව ද, එක් එක් චෝදනාවට මාස 18 බැගින් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර ඇත. අමතරව එක් එක් චෝදනාවට රු.5000/- බැගින් දඩ නියම කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් මෙම පැමිණිල්ල මෙහෙයවීම සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය විසින් සිදු කරන ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search