වලංගු ආදායම් සහ රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට අල්ලස් වශයෙන් අරක්කු බෝතලයක් ඉල්ලා ගැනීමේ චෝදනාවට සම්බන්ධව, නඩු අංක : එම්සීබී.34056/01/2015 මගින් ගොනු කළ නඩුවකට කොස්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ජී.කේ.චමින්ද කමල්සිරි විජේසිංහ යන අය වරදකරු බවට පත්කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්/ අධිකරණ අංක (1)හි පූර්වගාමී විනිසුරු ගරු ප්‍රසන්න අල්විස් මැතිතුමා විසින් 2025.01.31 වන දින තීන්දුව ලබා දෙන ලදි.
ඒ අනුව චූදිත චෝදනා දෙකක් සඳහා වරදකරු කර ඇති අතර, එක් එක් චෝදනාවට වසර 01 බැගින් සිර දඬුවම් නියම කර ඇත. අමතරව එක් එක් චෝදනාවට රු.5000/- බැගින් දඩ නියම කර ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් මෙම පැමිණිල්ල මෙහෙයවීම සහකාර අධ්‍යක්ෂ නීති අනූෂා සම්මන්දප්පෙරුම මහත්මිය විසින් සිදු කරන ලදි.