ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකුට සිර දඩුවම් නියම කෙරේ, අත්හිටුවීමේ නියෝග නොමැත

2015 වර්ෂයේ දී පහ ශ්‍රේණිය සඳහා ගම්පහ මාබිම ප්‍රාථමික විද්‍යාලයේ දරුවෙකු, ගම්පහ තක්ෂිලා විද්‍යාලයට ඇතුළත් කිරීමේ චේතනාව සහ දැනුම ඇතිව ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයට අතුළත් කර ගැනීම යටතේ ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු වූ ටිකිරි බංඩාර සේනානායකගේ වික්‍රම සේනානායක යන චූදිතට විරුද්ධව දූෂණය චෝදනාව යටතේ අධිචෝදනා ගොණු කර තිබුණි. එහි දී නියමිත ක්‍රමවේදයෙන් බැහැරව එනම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ නිසි අනුමැතියකින් තොරව දරුවා ගම්පහ තක්ෂිලා පාසැලට ඇතුළත් කරවීමේ චේතනාවෙන් විදුහල්පති විසින් දරුවා ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයට ඇතුළත් කරගැනීම සිදු කර ඇති බව විමර්ශනයේ දී අනාවරණය වීය.

2025.02.10 වන දින නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ දී චූදිත වරද පිළිගනු ලැබූ අතර, පැමිණිල්ලේ නීතීඥවරිය අධිකරණයෙන් ශිෂ්‍යත්ව විභාගය වැනි මධ්‍යම පාන්තික දරුවන්ගේ ඉරණම විසඳන කරඟකාරි විභාගයකින් සමත්ව එන දරුවෙකුට තිබූ අවස්ථාව අහිමි කිරීම සහ එකී හානිය ප්‍රතිපූර්ණය කළ නොහැකි බව මෙන් ම ප්‍රජාව කෙරෙහි ඇති වූ අහිතකර බලපෑම සහ එකී කරුණ ආශ්‍රිතව පාසල් පද්ධතියෙත් අල්ලස හා දූෂණය තුරන් කරනු වස් සමාජයට ආදර්ශයක් සැපයිය හැකි දඬුවමක් ලබාදෙන ලෙස අල්ලස් හේ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් ඉල්ලා සිටින ලදි.

එකී සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව, ගරු මහාධිකරණ විනිසුරු තැන්පත් සුජීව නිශ්ශංක විනිසුරුතුමා විසින් චූදිතට වසර 03ක ලිහිල් සිර දඬුවම් නියම කරන ලද අතර, අත්හිටුවීමේ නියෝගයක් නිකුත් නොකරන ලදි. වැඩිදුරටත් දඬුවම් වශයෙන් රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අතර, නොගෙවන්නේ නම්, මාස 03ක ලිහිල් සිර දඬුවම් නියම කරන ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search