ඉබ්බාගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු සමඟ එකතු වී පවත්වාගෙන යනු ලබන අවන්හලේ 2025 වර්ෂය සඳහා වෙළෙඳ බලපත්‍රය අලුත් කිරීමට ගලේවෙල ප්‍රාදේශීය සභාව වෙත භාර දී ඇති අයදුම්පත්‍රයට අදාළව, ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙළඳසැලට පැමිණ පරීක්ෂා කර වෙළෙඳ බලපත්‍රය අලුත් කිරීමට අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශය සහිත ලිපිය ප්‍රාදේශීය සභාවට ලබා දීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු 2025.02.14 දින ප.ව.7.48 ට පමණ තල්කිරියාගම, ශ්‍රී බුද්ධි ජයන්ති පන්සල අසල පාරේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක (විශ්‍රාමික) දූෂණ වරද මත අත්අඩංගුවට
අප්‍රේල් 28 2026
අල්ලස් ලබාගත් කම්කරු ක්ෂේත්‍ර නිලධාරියෙකුට වසර 06 බැගින් සිරදඬුවම්
අප්‍රේල් 28 2026








