ඉබ්බාගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු සමඟ එකතු වී පවත්වාගෙන යනු ලබන අවන්හලේ 2025 වර්ෂය සඳහා වෙළෙඳ බලපත්‍රය අලුත් කිරීමට ගලේවෙල ප්‍රාදේශීය සභාව වෙත භාර දී ඇති අයදුම්පත්‍රයට අදාළව, ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙළඳසැලට පැමිණ පරීක්ෂා කර වෙළෙඳ බලපත්‍රය අලුත් කිරීමට අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශය සහිත ලිපිය ප්‍රාදේශීය සභාවට ලබා දීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු 2025.02.14 දින ප.ව.7.48 ට පමණ තල්කිරියාගම, ශ්‍රී බුද්ධි ජයන්ති පන්සල අසල පාරේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
රු.50,000/-ක (රුපියල් පනස්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් තක්සේරු නිලධාරිනියක අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
මාර්තු 18 2025
රු.1,500/-ක (රුපියල් එක්දහස්පන්සියයක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
මාර්තු 17 2025