2017 වර්ෂයේ අගෝස්තු මස 01 වන දින සිට 2017 දක්වා වූ ඔක්තෝබර් මස 08 වන දින අතර කාලය තුළ දී මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණ නිලධාරියෙකු සිය නිල කාර්යයක් ඉටු කිරීමට එනම්, මාර්ගයක කොන්ක්‍රීට් කිරිමේ කොන්ත්‍රාත්තුවක් අවසන් කිරීමෙන් අනතුරුව එකී කොන්ත්‍රාත්තුවේ ගිවිසුම්ගත මුදල ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර දීම සඳහා පෙළඹවීමක් හෝ ත්‍යාගයක් වශයෙන් රුපියල් 36,000/- ක මුදලක් අවස්ථා දෙකක දී ඉල්ලා, ලබාගැනීමේ චෝදනා සම්බන්ධව, නඩු අංක : HCB 43/2020 මගින් ගොනු කළ නඩුවකට අදාළ තාක්ෂණික නිලධාරියා වරදකරු බවට පත්කරමින් කොළඹ මහාධිකරණය විසින් 2025.02.10 වන දින තීන්දුව ලබා දෙන ලදි.
ඒ අනුව චූදිතට එරෙහිව චෝදනා 08ක් සඳහා වසර 56ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ අතර, රු.40,000/- දඩයක් නියම කර ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් මෙම පැමිණිල්ල මෙහෙයවීම සහකාර අධ්‍යක්ෂ නීති අනූෂා සම්මන්දප්පෙරුම මහත්මිය විසින් සිදු කරන ලදි.