ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව ටොයෝටා ලෑන්ඩ් කෘෂර් වර්ගයේ රථයක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන ලදි.
ඉහත ටොයෝටා ලෑන්ඩ් කෘෂර් වර්ගයේ රථය නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි කිරීම තුළින් දූෂණය වරදට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයෙකු 2025.02.03 වන දින ප.ව.6.10 ට පමණ අල්ලස් හේ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.