ලියන්නවත්ත වලගෙදර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරු 2025.01.14 වන දින ලොරි රථයකින් මතුගම නගරයේ සිට අගලවත්ත ප්‍රදේශයට යමින් සිටියදී එම මාර්ගයේ මතුගම ක්‍රිස්තියානි පල්ලිය අසලදී සැකකරු විසින් ලොරි රථය නවතා බලපත්‍ර පරික්ෂා කළ අවස්ථාවේ දී පැමිණිලිකරුගේ රියදුරු බලපත්‍රයේ බර වාහන පන්තියට අදාළ කාල සීමාව කල් ඉකුත්වී තිබූ බැවින් රියදුරු බලපත්‍රය සැකකරු භාරයට ගෙන නීති මගින් කටයුතු නොකර නැවත රියදුරු බලපත්‍රය රියදුරුට (පැමිණිලිකරුට) ලබා දීම සඳහා රු. 5,000/- ක මුදලක් ඉල්ලා එකී මුදලින් රු. 3,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත මතුගම මූලස්ථාන පොලිසියේ පොලිස් සැරයන්වරයෙක් 2025.01.15 වන දින ප.ව. 7.15 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්රකාශ කිරීම
මැයි 23 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025