කොස්ගම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරුට අයත් වෙළෙඳසැලේ 2025 වර්ෂයට අදාළ වාර්ෂික වෙළෙඳ බලපත්‍රය ලබාදීමට අවශ්‍ය කටයුතු සළසා දීම සදහා රු. 1170/- ක් වටිනා කුකුළු මස් කිලෝ එකක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම මත මීරිගම ප්‍රාදේශීය සභාවේ වේවැල්දෙණිය උප කාර්යාලයේ සේවය කළ ආදායම් නිලධාරීවරයෙක් (වැඩ බලන) සහ මීරිගම ප්‍රාදේශීය සභාවේ මාර්ග අංශයේ සේවය කළ ක්ෂේත්‍ර කම්කරුවරයෙක් 2024.12.24 වන දින ප.ව. 1.00 ට පමණ පැමිණිලිකරුගේ වෙළෙඳසැල ඉදිරිපිට දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම
මැයි 23 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025