රු. 9,000,000/- ක (ලක්ෂ අනූවක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම හා ඊට ආධාර අනුබල ලබා දුන් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරුගේ නැන්දනියකට අයත් ටොරිංටන් ඇවෙනිව් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් අනතුරුව එම ඉඩමට වන්දි ගෙවීම සදහා අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 90 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම හා ඊට ආධාර අනුබල ලබාදීම මත මහරගම සහ ගොතටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනෙක් 2024.12.27 වන දින ප.ව. 3.08 ට පමණ පිට කෝට්ටේ පිහිටි වෙළඳසැලක් ඉදිරිපිට දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search