රාගම ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුගේ පුතාගේ නමින් ලියාපදිංචි හෝටලයේ මුදල් අයකැමිට විරුද්ධව ආහාර පනත යටතේ වැලිසර මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩුවක සාක්ෂිකරුවන්ව සිටිමින් එම නඩුවේ විත්ති පාර්ශ්වයට වාසියක් වන පරිදි කටයුතු සිදුකර දීම සඳහා රු.50,000/- (රුපියල් පනස්දහස)ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත රාගම පදිංචි සිවිල් පුරවැසියන් දෙදෙනෙකු 2026.03.18 වන දින පෙ.ව.10.25ට පමණ රාගම නගරයේ පිහිටා ඇති මිහිරි හෝටලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලදි.







