කුරුණෑගල, බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුගේ නමට ලියාපදිංචි කරන ලද සින්නක්කර ඉඩමකට අදාළ ඔප්පුව සඳහා රජයට අයවිය යුතු හිඟ මුද්දර ගාස්තුව අඩුකර සකස්කර දීමට අවශ්‍ය කටයුතු සකසා දීම වෙනුවෙන් රු.50,000/-ක (රුපියල් පනස්දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීම යන අල්ලස් චෝදනා මත වයඹ පළාත් සභාවේ, පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කළ තක්සේරු නිලධාරිනියක 2025.03.17 දින ප.ව.1.05 ට පමණ පළාත් ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයේ සැකකාරියගේ නිල මේසය අසල දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.