ලලිත් ඇතුලත්මුදලි මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල තර ගැනීම සඳහා මාර්ගගත ලොතරැයියක් ආරම්භ කිරීම සඳහා සිදු කරන ලද ප්‍රසම්පාදනයේ දී සාර්ථකව තෝරාගන්නා ලද ආයෝජකයා වෙත ලංසුව නොපිරිනැමීමෙන් රජය සහ එකී ආයතනය වෙත පාඩුවක් සිදු කිරීම සහ නැවත ලංසු කැඳවීම මඟින් දූෂණයක් සිදු කිරීම ට අදාලව වෙළඳ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ඒ.එම්.ප්‍රියංක මද්දුම බණ්ඩාර අතපත්තු , හිටපු අතිරේක ලේකම්වරයෙකු වූ (පාලන) දොරෙයිසාමි ජිවානන්නදම් සහ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයෙකු වූ කලුදේව අරවින්ද ප්‍රියදර්ශනී ද සිල්වා යන තිදෙනාම සහ නැවත ලංසු කැඳවීමේ දී පළමු ලංසු කැඳවීමෙන් අසාර්ථක හා ප්‍රතික්ෂේපිත ආයතනයකට අනුබද්ධ සමාගමකින් රු.1,000,000/- ක මුදලක් අල්ලස් අයදීම සහ ලබා ගැනීම යන චෝදනාවන් සඳහා ඉහත පළමු සහ දෙවන චූදිතයන් යනාදී ලෙස අදාළ චූදිතයන් තිදෙනා 2026.02.24 වන දින පිළිවෙළින් පෙ.ව.10.05, පෙ.ව.10.20 ට සහ පෙ.ව.10.30ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු සහ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට
අප්‍රේල් 09 2026
නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ, සභාපතිවරයා දූෂණ චෝදනාව මත අත්අඩංගුවට
අප්‍රේල් 09 2026
මධ්‍යගත ඉලෙක්ට්‍රොනික වත්කම් හා බැරකම් ප්‍රකාශන පද්ධතිය ප්‍රකාශකයින් සඳහා විවෘත කිරීම
අප්‍රේල් 09 2026
විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු දූෂණ වරදට අත්අඩංගුවට
අප්‍රේල් 06 2026
හඳුනා ගැනීම් හා වැටලීම්
අරක්කු බෝතලයක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනා මත, ධර්මපූරම් පොලිස් ස්ථානයේ , පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
අප්‍රේල් 12 2026
රු.45,000/- ක (රුපියල් හතළිස්පන්දහසක) මුදලක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනාව මත, තැරැව්කරුවෙකු අත්අඩංගුවට
අප්‍රේල් 07 2026








