වාලච්චේන ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුට අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවරන ලද නඩුවකට දඬුවම් වශයෙන් පැය 200ක කාලයක් ප්‍රජා සේවයේ යෙදෙන ලෙසට කළ නියෝගයට අනුව, එසේ ප්‍රජා සේවයේ නිසියාකාරව නොයොදන බව පවසා ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තු ලබාගත හැකි බවත්, එසේ වරෙන්තු නොගෙන සිටීම වෙනුවෙන් රු.10,000/- (රුපියල් දසදහස) ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයේ, ප්‍රජා විශෝධන කාර්යාලයේ ප්‍රජා විශෝධන නිලධාරියෙකු 2026.03.13 වන දින පෙ.ව.09.30 ට පමණ වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයේ, ප්‍රජා විශෝධන කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
රු.50,000/- ක (රුපියල් පනස්දහස) ක අල්ලස් ඉල්ලා, ලබාගැනීමේ චෝදනා මත සිවිල් පුරවැසියන් දෙදෙනෙකු අත්අඩංගුවට
මාර්තු 20 2026
රු.10,000/- ක (රුපියල් දසදහස) ක අල්ලස් ඉල්ලා, ලබාගැනීමේ චෝදනා මත උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
මාර්තු 20 2026








