රු.10,000/- ක (රුපියල් දසදහස) ක අල්ලස් ඉල්ලා, ලබාගැනීමේ චෝදනා මත උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් ජා-ඇල ප්‍රාදේශීය සභාවේ ටෙන්ඩරයක් මත ලබාගෙන, සතියේ බදාදා සහ සෙනසුරා දින වලදී පවත්වාගෙන යනු ලබන රාගම පොළභූමිය තුළ ඇති මාර්ගවල වෙළඳාම් කිරීමටත්, එම මාර්ගවල රථවාහන ගාල් කර වෙළඳුන්ට සහ පදිකයින්ට කරදරයකින් තොරව එම කටයුතු පවත්වාගෙන යාමට නීති මඟින් කටයුතු නොකර සිටීමට පොළ පැවැත්වෙන එක් දිනයක් සඳහා රු.5,000/- බැගින් දින දෙකකට රු10,000/- මුදලක් පැමිණිලිකරුගෙන් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත ශ්‍රී ලංකා පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු (ස්ථානාධිපති රථවාහන අංශය) 2026.03.17 වන දින පෙ.ව.6.30ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search