අල්ලස් පනතේ 23(අ) (1) වගන්තිය අනුව, සැකකරු විසින් 2011.03.31 වන දින සිට 2013.08.03 වන දින දක්වා කාලය තුල තම නීත්‍යානුකූල ආදායම අභිබවා රු. 4,428,305.70ක වටිනාකමෙන් යුත් වත්කම් උපයා තිබීමෙන්, අයතා වත්කම් ඉපයීම යන වරද සිදු කිරීමේ චෝදනාව මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු වන උඩුගම ආරච්චිලාගේ මංගලසිරි කුමාරරත්න සුමණසේකර යන අය 2026.03.11 වන දින පෙ.ව. 09.40ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
රු.50,000/- ක (රුපියල් පනස්දහස) ක අල්ලස් ඉල්ලා, ලබාගැනීමේ චෝදනා මත සිවිල් පුරවැසියන් දෙදෙනෙකු අත්අඩංගුවට
මාර්තු 20 2026
රු.10,000/- ක (රුපියල් දසදහස) ක අල්ලස් ඉල්ලා, ලබාගැනීමේ චෝදනා මත උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
මාර්තු 20 2026








