රුපියල් 20,000/- (රුපියල් විසිදහසක) ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත ත්‍රිකුණාමලය මහ නගර සභාවේ ගිණි නිවීම් හා හදිසි මුදවා ගැනීම් අංශයේ, අංශ භාර ගිණි නිවන නිලධාරියෙකු (ස්ථානභාර නිලධාරී) සහ ගිණි භටයෙකු අත්අඩංගුවට

කන්තලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, කන්තලේ නගර මධ්‍යයේ පිහිටි සංචාරක අවන්හලක් වෙත 2026 වර්ෂය සඳහා ගිණි ආරක්ෂණ සහතිකය ලබා දීම සඳහා අල්ලස් ලෙස මුදලින් රු.40,000 /- ක මුදලක් ඉල්ලා එකී මුදල රු.35,000/- දක්වා අඩුකර, එයින් රු.10,000/- ක මුදලක් බැංකු ගිණුමට බැර කරවාගෙන ඉතිරි රු.25,000/- මුදලින් රු.20,000/- මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීම හා ආධාර අනුබල ලබා දීම යන චෝදනා මත ත්‍රිකුණාමලය මහ නගර සභාවේ ගිණි නිවීම් හා හදිසි මුදවා ගැනීම් අංශයේ, අංශ භාර ගිණි නිවන නිලධාරියෙකු (ස්ථානභාර නිලධාරී) සහ ගිණි භටයෙකු 2026.03.11 වන දින පිළිවෙළින් පෙ.ව.10.07 ට සහ පෙ.ව. 10.02 ට පමණ ත්‍රිකුණාමලය මහ නගර සභාව සහ ත්‍රිකුණාමලය ගිණි නිවීම් හා හදිසි මුදවාගැනීම් අංශය යන ස්ථානවලදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search