ඕට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුගේ නීත්‍යනුකූල බිරිඳ විසින් දරුවන්ට නඩත්තු ගෙවන ලෙසට ඉල්ලා, පවරන ලද නඩුවක නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පැමිණිලිකරුට විවෘත වරෙන්තු නිකුත් වී තිබිය දී එම විවෘත වරෙන්තු අවලංගු කරගැනීම සඳහා සැකකරු විසින් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද නඩත්තු නඩුවලට අදාල විස්තර වාර්තාවේ සහතික පිටපතක් ලබා දී ඒ වෙනුවෙන් රු.5,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත වාලච්චේන කෝරලයිපත්තු (මධ්‍යම) ක්වාසි අධිකරණය සහ පොළොන්නරුව (වැ.බ.) ක්වාසි විනිසුරුවරයෙකු 2026.02.17 වන දින පෙ.ව.11.45 ට පමණ අංක 621,අක්බර් පල්ලිය පාර, වාලච්චේන 05 ක්වාසි අධිකරණ කාර්යාලයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු සහ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට
අප්‍රේල් 09 2026
නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ, සභාපතිවරයා දූෂණ චෝදනාව මත අත්අඩංගුවට
අප්‍රේල් 09 2026
මධ්‍යගත ඉලෙක්ට්‍රොනික වත්කම් හා බැරකම් ප්‍රකාශන පද්ධතිය ප්‍රකාශකයින් සඳහා විවෘත කිරීම
අප්‍රේල් 09 2026
විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු දූෂණ වරදට අත්අඩංගුවට
අප්‍රේල් 06 2026
හඳුනා ගැනීම් හා වැටලීම්
අරක්කු බෝතලයක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනා මත, ධර්මපූරම් පොලිස් ස්ථානයේ , පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
අප්‍රේල් 12 2026
රු.45,000/- ක (රුපියල් හතළිස්පන්දහසක) මුදලක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනාව මත, තැරැව්කරුවෙකු අත්අඩංගුවට
අප්‍රේල් 07 2026








