මරදමුනේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුගේ දියණියගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කරගැනීමට ගිය අවස්ථාවේ දී ඒ සඳහා සැකකාරිය විසින් රු.1000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඉන් රු.500/- ක් එදින ලබාගෙන, 2026.02.16 වන දින ලියාපදිංචි උප්පැන්න සහතිකය ලබාගැනීමට පැමිණෙන ලෙසත්, එදිනට ඉතිරි රු.500/- රැගෙන එන ලෙස දැන්වීමෙන් පසුව පැමිණිලිකරු අද දින සැකකාරිය හමු වූ අවස්ථාවේ දී උප්පැන්න සහතිකය ලබා දී ඉතිරි රු.500/- ක මුදල අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ බලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයෙකු 2026.02.16 වන දින පෙ.ව. 11.45 ට පමණ සැකකාරියගේ නිවසේ පවත්වාගෙන යනු ලබන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු සහ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට
අප්‍රේල් 09 2026
නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ, සභාපතිවරයා දූෂණ චෝදනාව මත අත්අඩංගුවට
අප්‍රේල් 09 2026
මධ්‍යගත ඉලෙක්ට්‍රොනික වත්කම් හා බැරකම් ප්‍රකාශන පද්ධතිය ප්‍රකාශකයින් සඳහා විවෘත කිරීම
අප්‍රේල් 09 2026
විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු දූෂණ වරදට අත්අඩංගුවට
අප්‍රේල් 06 2026
හඳුනා ගැනීම් හා වැටලීම්
අරක්කු බෝතලයක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනා මත, ධර්මපූරම් පොලිස් ස්ථානයේ , පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
අප්‍රේල් 12 2026
රු.45,000/- ක (රුපියල් හතළිස්පන්දහසක) මුදලක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනාව මත, තැරැව්කරුවෙකු අත්අඩංගුවට
අප්‍රේල් 07 2026








