ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකු (පාරිභෝගික හා වත්කම් කළමණාකරණ තනතුර ආවරණ) සහ ව්‍යාපාරිකයෙකු දූෂණ වරද සහ දූෂණ වරද සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට

ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ සභාපතිවරයාගේ පරිහරණය සඳහා රජයේ වාහන දෙකක් යොදවා තිබිය දී එම මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කර ඇති මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් මුදලින් කුලී ගෙවීමේ පදනම මත ටොයෝටා ප්‍රාඩ්‍රෝ (Toyota Prado) වර්ගයේ (SUV) ජීප් රථයක් කුලී පදනම මත ලබාගෙන, එම වාහනය කුමන කටයුත්තක් සඳහා ධාවනය කළාද යන්න පිළිබඳව තහවුරු කරගැනීමකින් තොරව, කුලී මුදල් වශයෙන් රු.12,750,000/- ක පමණ මුදලක් ගෙවීමට කටයුතු කිරීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් හා පී.එන් ඔටෝ හෝල්ඩින් නැමැති ආයතනයෙන් එකී වාහනය සපයා ගැනීමේ අරමුණින් ප්‍රසම්පාදන රීති නොසලකා හරිමින් කටයුතු කර එම ආයතනය වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කටයුතු කර වාහනය නිසි ලෙස භාරගැනීමක් සිදු නොකර සැපයුම්කරුට මුදල් ගෙවීමෙන් සැපයුම්කරුට අයුතු වාසියක් සිදු කිරීමෙන් දූෂණය නම් වරද සහ එම වරද සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකු (පාරිභෝගික හා වත්කම් කළමණාකරණ තනතුර ආවරණ)සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු 2026.02.10 වන දින ප.ව.1.35 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search