ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන පුනරුදය 2016/2018 ප්‍රතිපාදන යටතේ සංස්ථාව මගින් කෙරවලපිටිය කසල අංගනයේ යෙදවීම සදහා Long arm Excavators යන්ත්‍ර දෙකක් මිලදි ගැනිමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදි තෝරාගත් ආයතනය විසින් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කරන ලද යන්ත්‍රයක් මෙරටට ආනයනය කර, එම ආයතනය විසින් යන්ත්‍ර වල කොටස් ගලවා ඒ වෙනුවට වෙනත් අමතර කොටස් සවිකර නවීකරණය කර සැපයීමේ හා නිසි පරික්ෂාවකින් තොරව එම යන්ත්‍ර භාර ගැනිම තුලින් රජයට රුපියල් මිලියන 41 ක පාඩුවක් සිදු කිරිමෙන් දුෂණය නම් වරද සිදුකිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාවේ විශ්‍රාමික ප්‍රධාන ඉංජිනේරුවරයෙකු, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාවේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු සහ සෙනොක් ට්‍රේඩ් කම්බයින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සහකාර කළමණාකාර අධ්‍යක්ෂවරයෙකු (අලෙවි හා සැපයුම්) 2026.02.10 වන දින පිළිවෙලින් ප.ව.1.30 , ප.ව.1.35 සහ ප.ව.1.40 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
රු.50,000/- ක (රුපියල් පනස්දහස) ක අල්ලස් ඉල්ලා, ලබාගැනීමේ චෝදනා මත සිවිල් පුරවැසියන් දෙදෙනෙකු අත්අඩංගුවට
මාර්තු 20 2026
රු.10,000/- ක (රුපියල් දසදහස) ක අල්ලස් ඉල්ලා, ලබාගැනීමේ චෝදනා මත උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
මාර්තු 20 2026








